නීතිරිති හැකි ඉක්මණින්



සෞදි කාන්තාවන් රියපැදවීමේදි පැනවිය යුතු නිතිරිති සැකසීම සඳහා පත් කරන ලද කමිටුව වැඩකටයුතු අවසන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වාර්තා කළේය.

සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, සෞදි මුදල් අමාත්‍යාංශය සහ සෞදි කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ නියෝජනය කරමින් මාසයකට ඉහතදී කමිටුව සඳහා නියෝජිතයින් පත්කර නීතිරිති සැකසීමේ කටයුතු ආරම්භ කළ අතර සකස් කරන ලද නීතිරීති හැකි ඉක්මණින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු සැළසුම් කරමින් සිටින බව රථවාහන අධ්‍යක්ෂ ජෙනරාල්, තාරක් අල්-රුබායි ප්‍රකාශ කළේය.

සෞදි රජු, සල්මන්බින්අබ්දුල්-අසිස්අල්-සෞඩ් නිකුත් කරන ලද නියෝගයකට අනුව 2018 ජුනි මාසයේ සිට සෞදි කාන්තාවන්ට රියපැදවීමට අවස්ථාව හිමි වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS