කඩිනමින් සටන් විරාමයක් ඕනෑ



සියලූ පාර්ශ්ව එක්වී, දින 30 ක් ඇතුළත යේමන අර්බුදය කඩිනමින් විසඳා ගත යුතු යැයි ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ප‍්‍රධානී ජේම්ස් මැතිස් අවධාරණය කරයි.

පෙන්ටගන ප‍්‍රධානී ජේම්ස් මැතිස් මෙසේ අවධාරණය කළේ සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ද සහාය ඇතිව, යේමනයට 10,000 ක බළඇණියක් යැවීමත් සමඟය.

යේමනයේ පැවැතියේ සෞදි හිතවාදී රජයකි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් ෂියා මුස්ලිම් හවුති  කැරැලිකරුවන් සමඟ එක් වී, එම රජය පෙරළා දැමීමෙන් පසු යේමන අර්බුදය නිර්මාණය විය.

හවුති කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරන්නේ සෞදියයි. සෞදියට සහාය දක්වමින් එක්සත් අරාබි එමිරේට්ස් වැනි සෙසු මැදපෙරදිග රටවල් යේමන සටන් බිමට පිවිස සිටී. ඇමෙරිකාවේ සහාය ද හිමිවන්නේ සෞදියටය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS