තුර්කියේ හදිසි ජල ගැලීමක්



තුර්කියේ අන්කාරා අගනුවර හදිසියේ හටගත් ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් හය දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
ජල ගැලීම් හටගත්තේ අන්කාරා අගනුවර මමාක් නමැති දිස්ත්‍රික්කයේය.

ජල ගැලීම් තත්ත්වය හටගත්තේ නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙනි. ප්‍රචණ්ඩ රළ පහරට හසුවීමෙන් මෝටර් රථ 160 කට වැඩි ප්‍රමාණයක් ගසාගෙන ගොස් ඇති බව බලධාරීහු කියති. විපතට පත්වූවන්ට අවශ්‍ය ආධාර ලබා දැමීමට තුර්කි අගමැති බිනාලි යිල්ඩ්‍රිම් උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS