සෙබළුන්ට පයින් ගහලා



ඊශ්‍රායල හමුදා සෙබළුන් දෙදෙනෙකුට නිවස ඉදිරිපිටදී පයින් සහ කම්මුල් පහරවල් එල්ල කළ වයස අවුරුදු 16ක පලස්තීන යෞවනියක් වන අහෙඩ් අල්-තමිමී, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට

පලස්තීන ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර ඇයට ලබාදුන් තීන්දුවට වඩා වැඩි දින ගණනකින් රැඳවුම් කාලසීමාව දීර්ඝ කිරීමට පලස්තීන අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. සෙබළුන්ට පහර දුන් යෞවනිය වීරවරියක් ලෙස පලස්තීනුවන් සලකන බව වාර්තා වේ. 

අහෙඩ් අල්-තමිමී, හමුදා සෙබළුන්ට පහරදීමේ චෝදනාවන්ට අධිකරණ කීපයකින් වරදකාරිය කර ඇති බව වර්තා වේ. තමිමීගේ රැඳවුම් කාලසීමාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයද අදහස් පළකර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(aawsat.com පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS