සෞදියෙන් බලපෑම්



කටාර් රාජ්‍යයට විරුද්ධ වෙන්නැයි සෞදි අරාබිය සෙසු ගල්ෆ් කලාපීය කුඩා රටවලට බලපෑම් කරනවා යැයි කටාර් රාජ්‍යය වෙනුවෙන් කටාර් විදේශ ඇමැති මොහොමද් බින් අබ්දුල් රහ්මාන් අල් තානී කියයි.

බින් අබ්දුල් රහ්මාන් අල් තානී මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. ඔහු මෙසේ සෞදියට චෝදනා කළේ වොෂින්ටනයේ සිට මාධ්‍යවේදීන් හමුවෙමිනි.

සෞදිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හවුල්කොට ගනිමින් කටාරයට එරෙහිව සම්බාධක පැනැවීමක් කළේය. ඒ, කටාරය හුදෙකලා කරමිනි.

එසේ සම්බාධක පනවා දැන් මාස 6 ක් පමණ ගත වී ඇත. කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සෞදියේ උදහසට හේතුවක් වීම එසේ සම්බාධක පැනැවීමට හේතුවක් විය. සෞදිය චෝදනා කරන්නේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS