උත්තරීතර නායකයා ආණ්ඩුවට දෙහි කපයි



ඉරානයේ උත්තරීතර නායක අතුල්ලා අලි කමේනි ආර්ථික අවකළමනාකරණය සම්බන්ධයෙන් එරට ආණ්ඩුවට දොස් පැවැරීය.

ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උත්තරීතර නායකයා එලෙස ඉරාන ආණ්ඩුවට දොස් කීවේය.

ආණ්ඩුවට ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වී ඇති බව කී ඉරාන උත්තරීතර නායකය ආර්ථික අවකළමනාකරණය නිසා ඇමෙරිකාව පනවන ලද සම්බාධකවලට වඩා හානියක් ආර්ථිකයට සිදුවන බව ද කීය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය සතියේදී ඉරානයට සම්බාධක පැනවීය.

වසර 2015 දී න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට එවකට ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා පියවර ගත්තේය.

එම ඉවත් කරන ලද සම්බාධක ද නැවත පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ක්‍රියා කළේය.

ලබන නොවැම්බරයේදී ඉරානයට තවත් සම්බාධක පනවන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා නව සම්බාධක පනවමින් කීවේය.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS