පාප්තුමා හමුවෙයි
තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් වතිකානයේදී ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමා හමුවිය.
තුර්කිය මේ වනවිට අසල්වැසි සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි ත්රස්තවාදීන්ට එරෙහිව යුද වදී. කුර්දි ත්රස්තවාදීන් මර්දනය කිරීම සිරියානු රජයට ගැටලුවක් වී ඇත.
කුර්දි ත්රස්තවාදීහු තුර්කියට පමණක් නොව, සිරියාවට ද තර්ජනයක් වී සිටිති.මෙම අර්බුදය සම්බන්ධයෙන් ද පාප්තුමන් සහ තුර්කි ජනපතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී)