ඇමෙරිකාව විශ්වාස කරන්න එපා



එක්සත් ජනපදය විශ්වාස කළ නොහැකි යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා හමුවෙමින් පවසා ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ ඇමෙරිකා එක්සත් ජනපද සම්බාධක නොතකා ඉරානයේ සංචාරයක නිරත වී සිටි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අඟහරුවාදා (7) ඉරානයට නව සම්බාධක පැනවීමය.

වසර 2015 දී ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට එවකට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පියවර ගත්තේය. එහෙත් ඉරානය න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේය. ඉන් අනතුරුව ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගත් අතර ඉවත් කරන ලද සම්බාධක ද නැවත පැනවීය.

ඉරානය සමඟ ගනුදෙනු කරන කිසිවකු  සමඟ තමන්ගේ ගනුදෙනුවක් නැතැයි ද සම්බාධක පැනවීමෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය. එවැනි තත්ත්වයක් මධ්‍යයේ උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා මෙලෙස ඉරානයේ සංචාරයක නිරත වී සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS