පොලිතීන් බෑග්වලට තහනමක්



පොලිතීන් බෑග් භාවිතය තහනම් කිරීමට ඕමාන් පාරිසරික හා දේශගුණික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පොලිතීන් බෑග් භාවිතය තහනම් කිරීමට අවශ්‍ය කරන අවසන් අනුමැතිය ලබාගැනීම සඳහා වානිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසු තහනම ක්‍රියාත්මක කරන බව ඕමාන් පාරිසරික හා දේශගුණික කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

බොහෝ රටවල් පොලිතීන් බෑග් තහනම් කිරීමට පියවර ගෙන ඇති නිසා තම අමාත්‍යාංශයද ඒ සඳහා අවධානය යොමු කර ලෝක පාරිසර දිනයේදි අදාල තහනම පැනවීමට කටයුතු කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS