සිරියානු වැසියන්ට ප්‍රශංසා



තම රට වැසියන් සහ හමුදාව තමන් සමඟ සිටින නිසා බටහිර අනුග්‍රහය ලබන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට තම රජය පෙරළා දැමීමට නොහැකි වී ඇතැයි සිරියානු ජනාධිපති බරීෂ් අල් අසාද් කියයි.

සිරියානු ජනාධිපති අසාද් මේ බව කියා සිටියේ, ටියුනීසියාවෙන් පැමිණි දූත පිරිසක් හමුවී සාකච්ඡා කරමිණි. සාකච්ඡා පැවැත්වූයේ සිරියාවේ ඩමැස්කස් අගනුවරය. එම ධූත පිරිසට ටියුනීසියාවේ වෘත්තීය සංගම් කිහිපයක නියෝජිතයෝ ද එක් වී සිටියහ.

සිරියානු රජය පෙරළා දැමීමට වෙර දරන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි එඩිතරව සටන් වදින තම හමුදා සෙබළුන්ට ප්‍රශංසා කිරීමටත් තමන් වෙනුවෙන් නැගී සිටින සිරියානු වැසියන්ට ස්තුති කිරීමටත් අසාද් මෙය අවස්ථාවක් කර ගත්තේය. දෛනික ජීවිතය අවුල් කිරීමට ත්‍රස්තවාදීන්ට ඉඩ නොදීමට වගබලා ගැනීම සම්බන්ධයෙන් ද අසාද් සිරියානු වැසියන්ට ස්තුති කළේය.

සිරියාවේ අද සිදුවන අයුරින්, 2011 වසරේ දී ටියුනීසියාවේ ද එරට ජනපති බෙන් අලීට එරෙහිව ජනතා විරෝධයක් සහ සන්නද්ධ අරගලයක් ඇරැඹිණි. ඒ, බටහිර රටවල මැදිහත් වීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස බෙන් අලීට ජනපති ධුරයෙන් සමු ගැනීමට ද සිදුවිය.

කෙසේ නමුත් සිරියාවේ එසේ බල පෙරැළියක් සිදුවීමට බඉ ලැබී නැත. ඒ, රුසියාව, ඉරානය ආදී ප්‍රබල රටවල් සිරියානු රජයට සහාය දෙන නිසාය. ඇමෙරිකාව ඇතුළු ඉටහිර රටවල් උත්සාහ ගන්නේ සිරියානු රජය පෙරළා අසාද් ජනපති ධුරයෙන් ඉවත් කිරීමටය. ඇමෙරිකාව උත්සාහ ගන්නේ කුර්දි සටන්කාමී සංවිධානවලට සිරියාවේ බලය අත්පත් කරදීමටය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS