මාණ්ඩලික ප්‍රධානියා දිවිගලවා ගනි



කුවේට් හමුදා මාණ්ඩලික ප්‍රධානි, ලුතිනන් ජෙනරාල් මොහොමඩ් කලීඩ් අල්-කෙඩර් නිල සංචාරයක් සඳහා බංගලිදේශයට පැමිණ ඇති අතර ඔහු පැමිණි හෙලිකොප්ටරය ගොඩබැස්සන අවස්ථාවේදි අනතුරකට ලක් වී ඇතිබව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්පිරිස අනතුරින් දිවිගලවා ගැනීමට සමත්වු බව බංගලිදේශ ආරක්ෂක හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. 

ප්‍රදේශයේ පැවති අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් ගුවන් නියමුවාට ආරක්ෂිතවගොඩබැස්ස වීමට නොහැකිවීමෙන්හෙලිකොප්ටර්ය ගසක වැදී විශාල ලෙස හානි සිදු වීඇති අතර තුවාල ලැබු පිරිස කඩිනමින් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට බංගලාදේශ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS