සිරියාවේ ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර



 

සිරියාවේ දෙරාරා පළාත අල්ලාගෙන සිටින ඉස්ලාමීය ත්‍රස්වාදීන් ඉලක්ක කර ගනිමින් සිරියානු හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවලදී රුසියාවේ සහාය ද තමන් ලබා ගන්නා බව සිරියානු රජයේ හමුදාවෝ කියති.

පවතින දරුණු ගැටුම් හේතුවෙන් එම පළාතේ ජීවත් වන 3,20,000 ක පිරිසක් පණ බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS