ඇමෙරිකන් නියෝජිතවරිය හමුවෙලා



ඇමෙරිකාව දකුණු ආසියාව වෙනුවෙන් පත් කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනී ඇලිස් වේල්ස් හමුවී සාකච්ඡා පැවැත් බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය කියයි.

තලේබාන් සංවිධානය කටාර් රාජ්‍යයේ කාර්යාලයක් පිහිටුවා ඇති අතර, සාකච්ඡා සිදුවී ඇතැයි පැවැසෙන්නේ එම කාර්යාලය හරහාය.

සාකච්ඡා පැවැත්වූයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් බවත්, සාකච්ඡා සාර්ථක වුණු බවත් තලේබාන් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.

සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් ඉදිරියේ දී ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ වීමට නියමිත බව ද පැවැසෙයි.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS