මූලස්ථාන ගොඩනැගිල්ලේ ගින්නක්



කුවේටයේ පිහිටා ඇති “හඩියා’’ සමූපකාර සමිති ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලේ ඇති වු හදිසි ගින්නකින් එම ගොඩනැගිල්ලට දැඩි අලාභ හානික් සිදු වී ඇති අතර විශාල ලිපිගොනු ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව වාර්තා වේ.

ගින්න නිවා දැමීමට සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනිනිවන භටයන් කටයුතු කර ඇති අතර තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.  

ගිනිගැනීමට හේතු වු කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS