ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ මරුට



ඊශ්‍රායල ගුවන් හමුදාව පලස්තීන ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ හඳුනා ගත් ත්‍රස්තවාදීන් දෙදෙනකු ඉලක්ක කර ගනිමින් තම ගුවන් හමුදාව පහර දුන් බවය.

මියගිය පලස්තීනුවන් දෙදෙනා ඊබ්‍රහීම් අල් නජාර් සහ මොහොමද් කිදීර් නමැති අය යැයි පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත.

ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ මොවුන් දෙදෙනා ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවට නුදුරින් සැකක​ටයුතු අයුරින් හැසිරුණු නිසා ප්‍රහාරය එල්ල කළ බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS