ඊජිප්තුවට නව අගමැතිවරයෙක්



පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගනිමින්, තවත් ධුර කාලයක් සඳහා දිවුරුම් දුන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් අල් සීසී සිය නව අගමැති ලෙස නිවාස කටයුතු ඇමැති ධුරය හෙබවූ ආචාර්ය මුස්තාෆා මැඞ්බෝලි පත් කර ඇත.

ඒ අනුව, නව කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීමේ කටයුතු මුස්තාෆා මැඞ්බෝලි ට පැවැරෙනු ඇති බව ඊජිප්තු පුවත් සේවා පෙන්වා දෙයි.

52 හැවිරිදි මැඞ්බෝලි ඊජිප්තුවේ නිවාස සහ සංවර්ධන මෙන්ම නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. මැඞ්බෝලි ඊජිප්තුවේ නව අගමැතිවරයා ලෙස පත් කිරීම සිදුවූයේ, එම ධුරයේ කටයුතු කළ ෂරීෆ් ඉස්මායිල්ගේ ඉවත් වීමෙන් පසුවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS