නිරුවතින් පාරේ ඇවිදලා



බහරේන් රාජ්‍යයේ ටුබ්ලි නගරයේ හරහා වැටී ඇති ෂයික් සල්මන් අධිවේගි මාර්ගයේ නිරුවතින් ඇවිදයමින් සිටි කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරන අවස්ථාවක, වාහන ගමන් කරන දිශාවටම නිරුවතින්ඇවිද යන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති බව වාර්තා වේ.

මානසික රෝගයකින් පෙළෙනවාද නැද්ද යන්න සොයාබැලීම සඳහා මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කළ බවත්, ඉන්පසු, නීති මඟින් කටයුතු කරන බව බහරේන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS