මුණුබුරන් එක්ක රාමසාන්



එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම් තම මුණුබුරන් සමඟ රාමසාන් උත්සවය සමරා ඇති බව වාර්තා වේ.

ඩුබායි නායකයා රාමසාන් උත්සවය සමරණ ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් ඉන්ස්ට්‍රගෑම් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කොට ඇති බව වාර්තා වේ.

මුණුබුරන්ද ඩුබායි පාලකයා සමඟ සතුටු වන ආකාර ඡායාරූපවල සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS