පලස්තීනයට අතුල් පහරක්



ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මැදපෙරදිග අර්බුදයට ලබා දෙන සාම විසඳුම පලස්තීනයට එල්ල කරන අතුල් පහරක් යැයි පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් චෝදනා කරයි.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකාව, මැදපෙරදිග සාමය වෙනුවෙන් ඉදිරිපත් කරන සහ ඉදිරිපත් කිරීමට නියමිත කිසිදු යෝජනාවලියකට තමන් කැමැත්ත පළ කරන්නේ නැතැයි ජනපති අබ්බාස් වැඩි දුරටත් කියා සිටී.

ට්‍රම්ප් සමඟ එක් වී, ඊශ්‍රායලය 1995 දී ඇති කරගත් ඔස්ලෝ එකඟතාව කඩ කර ඇති බවට ද පලස්තීන ජනාධිපතිවරයා චෝදනා නගා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS