මැදපෙරදිග ගින්න නිවන්න එක්වන්න



යුද ගැටුමින් ඇවිලුණු මැදපෙරදිග අද මෙන්ම මීට දශක ගණනාවක සිට එකම ශෝකාන්තයක් ලෙස පවතී.

ඒ ශෝකාන්තය අදටත් කෙළවරක් වී නැත්තේ බලයෙන් මන්මත් වූ ලෝක ප්‍රබලයින් ගේ කයිවාරු නිසාවෙනි.හිතක්  පපුවක් නොමැති ආකාරයෙන් කටයුතු කරනා මේ ලෝක නායකයින්ගේ හදවත් වලට තවදුරටත් ආමන්ත්‍රණය කිරීමට දරණා අපූර්ව උත්සාහයක්  ගැන ඉකුත් දා සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබිණි.

ඉකුත් 16 වැනිදා  පටන් අන්තර්ජාලයට මුදා හැරුණු මේ අපූරු වීඩියෝ නිර්මාණය මේ වන විට මිලියන 4.7 කට වැඩි ප්‍රෙක්ෂකයින් නරඹා ඇත.ඒ සේම එය සමාජ මාධ්‍ය අතරේ මැදපෙරදිග හිතවාදී සහ විරුද්ධ මතවාද ඉදිරිපත් වීමද විශේෂත්වයකි.

ගිනි ඇවිලෙන මැදපෙරදිගට දිය දෝතක්  දෙන්නැයි පණිඩියක් දෙමින් අරාබි දරුවෙකු මේ ලෝක බලවතුන් ගෙන් සිදු කරන හැඟුම්බර ආයාචනයක් ඇතුළත් මේ අපූරු වෙළඳ දැන්වීම කුවේටය මූලිකි කර ගත් සේන් නැමති විදු සංදේශ සමාගමක් විසින් නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි. ොවෙළඳ දැන්වීමකින් මෙලෙස ලෝක නායකයින් ගේ බුද්ධිය ආමන්ත්‍රණය කිරීමට දරණ  උත්සාහය පෙළ ගස්වා ඇත්තේද අපූර්ව ලෙසිනි.එහි පළමු දර්ශනය වන්නේ ඇමෙරිකා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසෙන මේ දරුවා ‘‘ සුන්බුන් නිවසේදී මා හමුවුවහොත් , මාත් එකක් රාමදාන් උපවාසය අවසන් කරන්න එන්නැයි ආරාධනයක් කරමිනි.ඉන්පසුව වෙනත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ රෝද පුටුවක සිටින පුද්ගලයෙකු සහ රුසියා ජනාධිපති ව්ලැද්මියර් පුටින් ලෙස සැරසී සිටින පුද්ගලයෙකු කෑමට මේසයට වාඩිවෙන අයුරුය.

ෙඊළඟට පෙළ ගැස්වෙන්නේ ලොව සියලු දෙනා කඳුලින් තෙත් කළ තුර්කියේ වෙරළ තීරයේ දිවි පුද කළ කුර්දි ජාතික සිව් හැවිරිදි දරුවා ගේ ශෝකාන්තය වෙතය.එහිදී ලොව ප්‍රබල නායිකා ජර්මානු චාන්ස්ලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල් හා වඩාත් මානුෂීය ලොක් නායකයෙකු ලෙසින් පිළිගත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ගේ හැඩරුවට සමාන දෙදෙනෙකු යාත්‍රා වලින් සංක්‍රමණය වෙමින් සිටින සරණාගතයින් බේරා ගැනීමට  කටයුතු කරනා අයුරුය.‍

මේ සියලු පෙළ ගැස්වීම් අතරවාරයේදී දැන්වීමේ සිටින කුඩා අරාබි ජාතික දරැවා සිය නිදන කාරමයේ නිදා ගැනීමට දැඩි උත්සාහයක් දරණ අතරවරායේදී  උතුරු කොරියා නායක කිම් ජොන් අන් හා සමාන අයෙකුට හඩා කියන්නේ දිගින් දිගටම සිදු වන බෝම්බ හඩ නිසා තමුන්ට නින්ද නොයනා බවය.එම කාර්ණය පවසනවාත් සමඟම දරැවා ගේ කාමරය එකම සුන් බුන් ගොඩක් බවට පත් වී තිබෙන අයුරු දර්ශනය වේ.

රූප රාමු පෙළ ගැස්මේ අවසාන දර්ශනය වන්නේ සිරි මැදරියක හුන් ගැහැණු දරැවෙකු මුදා ගන්නා එම අරාබි ජාතික දරුවා ජෙරුසලම් නගරයට දිවයන අයුරැය.එහිදී ඔහු සමඟ අරාබියේ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුන සය දෙනෙකුද එක්වන අයුරු එහි දැක්වේ.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා / ඇරැබියන් බිස්නස් කොම් ඇසුරෙනි.


RECOMMEND POSTS