ගුවන්ගමන් අවලංගු කරන්නේ නෑ



කුවේටයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්ගමන් නවතා දමන බවට පැතිරී යන කටකථාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව කුවේට් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කිසිදු ගුවන්ගමනක් අවලංගු නොකළ බව සඳහන් කරමින් ගුවන් සමාගමට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ගුවන්ගමන් අවලංගු වීම් සම්බන්ධයෙන් දැනගැනීමට අවශ්‍ය නම් ගුවන්සමාගමේ දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙස සමාගම ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS