ජෝර්දානයේ තෙමගුල සිහිකෙරේ



සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ වෙසක් පෝ දින සැමරැම් උත්සවයක් ඉකුත් 29 වැනිදා අම්මාන් නුවර දී පැවැත්විණි.

අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍ර යේ පැවැත්වූ මෙම සැමරුම් උත්සවයේදී බැතිමතුන් සියයකට අධික පිරිසක් සහභාගී වූ ශිල සමාදන් වැඩසටහනට වඩාත් ප්‍රමුඛත්වය ලබා දී තිබූ අතර ඊට භාවනා සහ දන්සැල් වැඩසටහන්ද ඇතුළත් විණි.

ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය කුඩාකත්නෝරුවේ විනීත හිමියන් විසින් මෙම ශීල සමාදන් වැඩසටහන් මෙහෙය වනු ලැබූ අන්තර් ආගමික සංවාදයක්ද මෙහිදී සිදු කෙරිණි.ඊට බෞද්ධ ,හින්දු ,සහ ඉස්ලාම් ආගමික ශාස්තෘවරුන්ද එක්වූහ.

මේ සියලු දේ අවසානයේදී ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එල්.එම්.ලාෆීර් මහතා විසින් වෙසක් දින සැමරුම් උත්සවය සහභාගී වූ පිරිස අමතමින් කෙටි අදහස් දැක්වීමක්ද සිදු කරන ලදී.


RECOMMEND POSTS