එමිරේට්ස් නිර්මාතෘ ගැන පොතක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිර්මාතෘ සහ හිටපු ජනාධිපති, ෂයික් සෙයිඩ් බින් සුල්තාන් අල්-නහියන්  පිළිබඳව පොතක් ඉංග්‍රීසි සහ අරාබි භාෂාවන්ගෙන් රචනා කර එළිදක්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

හිටපු එමිරෙට්ස් නායකයාගේ සියවැනි උපන්දිනය නිමිත්තෙන් පොත එළිදක්වීමට කටයුතු කළ බවත් “සෙයිඩ්: ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ ජිවිතය’’ යනුවෙන් පොත නම් කළ බව ඩුබායි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කළේය.

මුල් අවධියේ සිට ජීවිත කථාව, පෞරුෂයේ ඇති බොහෝ පැතිකඩයන්, නායකයාගේ මතයන්, දුර්ලභ මෙන්ම සමකාලීන ඡයාරූප පොතට අඩංගු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS