දරුවන්ගෙන් 69% ක් මතට



ඕමානයේ දරුවන්ගෙන් 69%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බව ඕමාන් සමාජ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දැනට අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති ළමුන්ගෙන් වැඩි දෙනෙක් අවුරුදු 12 වයසේ පසුවන අය බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලියාපදිංචි වී සිටින ළමුන්ගෙන් 75%ක් යාළුවන්ගෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර බොහොමයක් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS