ඒකාධිපතියා කියලා



දිගින් දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා වැවි චෝදනා කරමින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දෙවොන් ඒකාධිපතියකු බව හඳුන්වා දීමට ප්‍රංශ දේශපාලන සගරාවක් කටයුතු කර ඇත.

තුර්කි ජනාධිපතිවරයා ‘ඒකාධිපතියකු’ ලෙස හඳුන්වා දී ඇත්තේ ‘ල පොයින්ට්’ නමැති ප්‍රංශයේ ප්‍රසිද්ධ දේශපාලන සගරාවය.

‘ල පොයින්ට්’ සගරාවේ, 24 වැනි කලාපයේ, කවරය හැඩ ගැන්වී ඇත්තේ ද තුර්කි ජනාධිපතිවරයාගේ රුවෙනි. ‘ඒකාධිපතියා’ යැයි එහි ලොකු අකුරින් සටහනක් යොදා ඇත.

තුර්කි රජය සහ ජනාධිපති රිජෙප් තායිප් එර්දෙවොන් ඒ ගැන සිය විරෝධය දක්වා ඇතැයි ද වාර්තා වේ.

ඊට අමතරව, ‘ල පොයින්ට්’ සඟරාවේ කර්තෘවරයාට සහ කර්තෘ මණ්ඩලයට තුර්කි ජනාධිපතිගේ හිතවාදීන්ගෙන් තර්ජන එල්ල වී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS