කෞතුකාගාරය විවෘත කෙරේ



සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ජාතික කෞතුකාගාරය වසර 6 කට පසු යළි විවෘත කිරීමට සිරියානු රජය පියවර ගෙන ඇත.

2012 වසරේදී මෙම කෞතුකාගාරය වසා දැමුණි. ඒ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දමන්නැයි බල කරමින් ආරම්භ වූ විරෝධතාවලට සම්බන්ධ වුණු පිරිස්, කෞතුකාගාරයට කඩා වැදී පුරාවස්තුවලට හානි සිදු කරාවි යැයි බියෙනි.

අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් පසු ඩමැස්කස් අගනුවර යළි යථා තත්ත්වයට පත් වී ඇත. එහෙයින්, විශේෂ ආරක්ෂාවක් ද යටතේ කෞතුකාගාරය විවෘත කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS