ඊශ්‍රායලයට එරෙහි යෝජනා පහක්



පලස්තීනුන්ට එරෙහිව ඊශ්‍රායලය කටයුතු කරන ආකාරය හෙළා දකිමින්, එරටට එරෙහිව යෝජනා පහක් සම්මත කර ගැනීමට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පියවර ගෙන ඇත.

මෙම යෝජනා සම්මත කර ගැනීම සිදුවූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අතරතුරේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙය ඊශ්‍රායලයට එල්ල වුණු අතුල් පහරක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS