සිරියාවෙන් දැන්ම හමුදා ඉවත් කර ගන්නේ නෑ



සිරියාවේ රඳවා ඇති තම හමුදා දැන්ම ඉවත් කර ගැනීමේ අදහසක් නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

සිරියානු අර්බුදයේ දී රුසියාවේ සහාය හිමි වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයටය. ඊට හේතුව, සිරියාවේ රුසියානු හමුදා කඳවුරක් පිහිටා තිබීමය. මැදපෙරදිග කලාපයේ රුසියාවට අයත් එකම හමුදා කඳවුර මෙය වෙයි.

සිරියානු රජයට පමණක් නොව, ලොවට තර්ජනයක් වුණු අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන් මර්දනය කිරීමෙහිලා රුසියාවෙන් විශාල දායකත්වයක් හිමිවිය. අද වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදා සමත් වී ඇත්තේ ද රුසියාවේ, ඉරානයේ සහාය ලැබෙන නිසාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS