මිත‍්‍රත්ව ගිවිසුම අහෝසියි



තමන් පැනැවූ සම්බාධකවලට එරෙහිව ජගත් අධිකරණයේ පිහිට පැතීම හෙලා දකිමින්, ඉරානය සමඟ ඇති කරගෙන තිබුණු ‘මිත‍්‍රත්ව ගිවිසුම’ අහෝසි කිරීමට ඇමෙරිකාව පියවර ගත්තේය.

ඇමෙරිකාව ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කරන්නැයි අධිකරණය දුන් තීන්දුවත් සමඟ තමන් ඉරානය සමඟ 1955 වසරේ සිට ඇති කරගෙන තිබුණු ‘මිත‍්‍රත්ව ගිවිසුම’ අහෝසි වන බව නිවේදනය කළේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕය.

‘ඇමෙරිකාව සහ ඉරානය අතරේ පැවැති මිත‍්‍රත්ව ගිවිසුම අහෝසි කරනවා. වසර 39 කට පසුවයි එය සිදු කරන්නේ. මෙතරම් කලක් එම ගිවිසුම පැවැතීම පවා පුදුමයක්’ යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS