ඇමෙරිකාවෙන් අවසර



යේමනයේ යුද ගැටුම් තවදුරටත් පවතින බැවින්, දිවි ගලවාගෙන ඇමෙරිකාවට පලා ආ යේමන සරණාගතයන්ට තවත් මාස 18 ක් ඇමෙරිකාවේ රැඳී සිටීමට අවසර ලබා දී ඇතැයි ධවල මන්දිරය කියයි.

මෙය තාවකාලික සහනයක් බවත්, එම කාලසීමාව ඇතුළතදී, සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවේ කෙටි රැකියාවල නියැලිය හැකි බව ද ඇමෙරිකන් රජය පෙන්වා දී ඇත.

මෙම යේමන සරණාගතයන් ඇමෙරිකාව බලා පැමිණ ඇත්තේ 2017 වසර මුලදීය. ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කළ නව නීති යටතේ මොවුන් යළි යේමනයට යැවීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් යේමනයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් මානුෂීය හේතු මත තවත් මාස 18 ක කාලයක් මොවුන්ට ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS