අනුගාමිකයන් මිලියන 2 ඉක්මවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්ට අයත් ලින්ක්ඩින් සමාජ ජාල ගිණුමේ අනුගාමිකයන් මිලියන දෙක (02) ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ලෝකයේ දේශපාලඥයන් අතරින් දෙවන තැනත් ‍ වැඩිම අනුගාමිකයන් ප්‍රමාණයක් සිටින ගිණුම් තිහ (30)අතරටපැමිණීමට සමත් වී ඇති අතර අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයෙන් වැඩිම අනුගාමිකයන් ප්‍රමාණයක් සම්බන්ධ වී ඇත.

ලින්ක්ඩින් යනු ලෝකයේ විශාලතම වෘත්තීය සමාජ ජාල වෙබ් අඩවිය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS