වන්දනාකරුවන් 35ක් මියගිහින්



සෞදි අරාබියේ හජ් වන්දනා සමය ආරම්භ විමත් සමගම ආගමික වතාවත් සිදු කිරීම සඳහා සෞදි අරාබියේ මක්කම නගරයට පැමිණ වන්දනාකරුවන් 35 දෙනෙකු මියගොස් ඇති බව සෞදි හජ් බලධාරීන් ප්‍රකාශ කළේය. 

හජ් වන්දනාව සඳහා මක්කම නගරයට මේ වනවිට ඉස්ලාමීය බැතිමතුන් 675,143ක් පැමිණ ඇති බව බලධාරීන් ප්‍රකාශ කළේය. 
පුද්ගලයින් 663,143ක් ගුවන් මගින්ද, 10,796ක් ගොඩබිම් මාර්ග ඔස්සේද, 487ක් මුහුදු මාර්ග ඔස්සේද පැමිණ ඇති අතර පසුගිය වසර හා සසඳන විට 17%ක වර්ධනයක් බව විදේශ ගමන් බලපත්‍ර අධිකාරි කාර්යාලය ප්‍රකාශ කළේය. 

නීති විරෝධි ආකාරයෙන් මක්කම නගරයට ඇතුළුවීමට උත්සහ කල සෞදි වන්දනාකරුවන් 95,400කට මක්කම පුජා නගරයට ඇතුළු වීමට අවසර නොදුන් බව හජ් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී, ජෙනරාල් කාලිඩ් බින් කාරා අල් හර්බි ප්‍රකාශ කළේය. 

ජුලි 12-අගෝස්තු 12 කාලය තුල නිති විරෝධි ආකාරයෙන් වන්දනාකරුවන් රැගෙන පැමිණි වාහන 47,700ක් ආපසු හරවා යැවීමට කටයුතු කල බව අණදෙන නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS