ගුටිකෙළියෙන් පසු පිටුවහල් කරයි



සිරියානු සහ ඊජිප්තු විදේශ ශ්‍රමිකයන්16 දෙනෙක් රටින් පිටුවහල් කිරීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සිරියානු සහ ඊජිප්තු ජාතිකයන් අතර ගුටි බැට හුවමාරුවක් ෂොවියික් නගරයේදි සිදු වී ඇති අතර ගල්වලින් එකිනෙකාට පහර එල්ල කර ගෙන ඇති බවත් වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවිවලටද එක් කර ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය. ගැටුමට සම්බන්ධ සියළු දෙනාම අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට නියෝග කළ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උප-ලේකම්, ලුතිනන් ජෙනරාල්, ඊසාම් අල්-නහම් ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS