යුනෙස්කෝවෙන් ඉවත් වෙන්න ඊශ්‍රායලයත් සූදානම්



එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවෙන් ඇමෙරිකාව ඉවත් වෙනවා නම්, තමන් ද ඉවත් වන බව ඊශ්‍රායලය වෙනුවෙන් එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.

ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන බව දන්වා ඇත්තේ, යුනෙස්කෝව ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් පිහිටුවා ගෙන ඇතැයි පෙන්වා දෙමිනි.

ඇමෙරිකා ජනාධිපති තම රට වෙනුවෙන් නැගී සිටීම ගැන තමන් ආඩම්භර වන බව ඊශ්‍රායල අගමැති නෙදන්යාහු පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS