පලස්තීනුවන්ට ආධාර දෙන්නේ නෑ



පලස්තීන පාලන අධිකාරිය තමන්ට සහ තම රජයට විරුද්ධව යන්නේ නම්, පලස්තීන වැසියන් වෙනුවෙන් තව දුරටත් මූල්‍ය ආධාර ලබාදීමෙන් පලක් නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

පලස්තීනුවන් වෙනුවෙන් ඇමෙරිකාව සෑම වසරකම ඩොලර් මිලියන 300 ක මූල්‍ය ආධාර ලබා දෙයි.  ‘අපි පලස්තීනුවන් වෙනුවෙන් සෑම වසරකම මිලියන ගණනින් ආධාර දෙනවා. ඔවුන්ට ඒ ගැන තැකීමක් නැහැ. අපට ගෞරවයක් නැහැ. ඊශ්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළ වෙනුවෙන් අපි සකස් කර ඇති සාම යෝජනාවට පලස්තීනය අකමැත්ත පළ කර තිබෙනවා. ඉතිං ඇයි අපි දිගටම ඔවුන්ට මේ විදියට ආධාර දෙන්නේ ?’ යැයි ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් විමසයි.

මේවනවිට ඇමෙරිකාව සහ පලස්තීනය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත. ඒ, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය මුල්කොට ගනිමිනි. ඊට විරෝධය දක්වමින්,  වොෂින්ටනයේ පලස්තීන තානාපති හුසාම් සොම්ලොට් යළි ගෙන්වා ගැනීමට පලස්තීන පාලන අධිකාරිය පසුගිය පළමු වැනිදා කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS