සේවායෝජකයන්ට අනතුරු



ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය සේවායෝජකයන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධි ආකාරයෙන්පලා යන විදේශ ශ්‍රමිකයන් සේවයේ යොදවාගැනීම සපුරා තහනම් කර ඇති බවත් එවැනි ශ්‍රමිකයන් සේවයේ යොදවන සේවා යෝජකයන්ට සිරදඩුවම් සහ දඩ මුදල් නියම කරන බවඅමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ප්‍රදේශ කීපයක නීතිවිරෝධි ආකාරයෙන් සේවය කරමින් සිටි විදේශ ශ්‍රමිකයන් 377දෙනෙක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS