පලස්තීනුවෙක් මියයයි



ඊශ්‍රාලය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයකු මියගොස් තවත් 8 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (9) නිවේදනය කළේය.

ප්‍රහාර එල්ල කර ඇත්තේ බදාදා (8) වන අතර අඟහරුවාදා (7) ද ගාසා තීරයට ඊශ්‍රාලයෙන් ගුවන් ප්‍රහාර එල්ල වී ඇත.

හමාස් සංවිධානය ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 70කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළ බවත් ඊට ප්‍රතිචාර ලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් ඊශ්‍රායලය සඳහන් කළේය. රොකට් ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකි වූ බව ද ඊශ්‍රායලය සඳහන් කළේය.

ඊශ්‍රාලය දෙසට එල්ල වූ ප්‍රහාරවලින් එරට වැසියන් තුන් දෙනකු සුළු තුවාල ලබා ඇතැයි වාර්තා විය.

අඟහරුවාදා එල්ල වූ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මිඞ්ල් ඊස්ට් අයි


RECOMMEND POSTS