සංක්‍රමණිකයෝ කොටුවෙති



නීතිවිරෝධී ලෙස තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 476 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තුර්කියේ පළවන ‘ආනඩෝලු ඒජන්සි’ පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය.

එරට සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගැනීම සඳහා තුර්කි ආරක්ෂක අංශ විසින් පෙරේදා (16) සිදුකළ හදිසි වැටලීමකදී මෙම ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගෙන ඇත.

ලාංකිකයින්ට අමතරව ඇෆ්ඝනිස්ථාන ජාතිකයින් , පකිස්ථාන ජාතිකයින් සහ සිරියානු ජාතිකයින්ද වන බව එම ඒජන්සි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේත

අත්අඩංගුවට ගැණුන පිරිස් තුර්කියේ වයඹදිග ප්‍රදේශවල බස් රථ වලින් යුරෝපයට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වෙමින් සිටියදී අත්අඩංගුවට ගැණුනි.

ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිස් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සඳහා එරට ආගමන හා විගමන බලධාරීන් වෙත බාර දීමට පියවර ගෙන ඇත.

දීර්ඝ කාලයක සිට සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙකු යුරෝපා රටවලට පලා යෑම සඳහා නීතිවිරෝධි ලෙස තුර්කියට සංක්‍රමණය වන අතර වර්තමානයේ මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම මාර්ගය උපයෝගී කරගනිමින් නීතිවිරෝධී මිනිස් ජාවාරම සිදු කරන බවට තුර්කි රජයට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS