අන්තර්ජාලයෙන් පුළුවන්



ඕමාන ජාතිකයන්ට අවශ්‍ය සේවකසේවිකාවන් අන්තර්ජාලය හරහා ලබාගැනීමට අවස්ථාව හිමි කර දී ඇති බව ඕමාන් ‍තොරතුරු තාක්ෂණ අධිකාරි ප්‍රකාශ කළේය.

මිනිස් බල අමාත්‍යාංශයට අයත් www.manpower.gov.om වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල තොරතුරු දැනගැනීමට සහ ලබාදී ඇති පොරමය පිරවීමෙන් අවශ්‍ය සේවකයන් ලබා ගත හැකි බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

සේවකයන් ලබාගැනීමට අවශ්‍ය ඕමාන ජාතිකයන් ඉතා නිවැරදිව තොරතුරු ලබාදිය යුතු වේ.

ගෘහ සේවක සේවිකාවන්, කෝකිවරුන් සහ උයන්පල්ලන් අමාත්‍යාංශයට අයත් වෙබ් අඩවිය හරහා දැනට ලබාගත හැකි බව වාර්තා වේ. 

ඕමාන් රාජකීය පොලීසියේ සහයෝගය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කරන බව මිනිස් බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS