ත්‍රස්තවාදීන්ට දඬුවම් ලැබිය යුතුයි



ඉරාක කාන්තාවන්ට එරෙහිව සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට මොන විදියෙන් හෝ දඬුවම් ලැබිය යුතු යැයි එම ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක වුණු ඉරාකයේ යසීදි යුවතිය නාදියා මුරාද් කියයි.

ඇය මේ බව කියා සිටියේ ලන්ඩන් නුවර පැවැති පුවත් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පුවත් සාකච්ඡාව පැවැත් වූයේ නදියා විසින් ලියා එළිදක්වා ඇති  ‘ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට් නමැති කෘතිය සම්බන්ධයෙනි.

නාදියා ඇගේ කටුක අත්දැකීම් ඇසුරින් ලියා එළිදැක්වූ ‘ලොස්ට් ගර්ල්’ කෘතිය එළිදැක්වූයේ මීට දින කිහිපයකට පෙරය. නාදියා අද 24 හැවිරිදි වියෙහි පසුවන්නීය.

ඇය 2014 වසරේ දී අයි.එස්. ග්‍රහණයට හසුවී, ලිංගික වහලියක් වී ගත කළ ඒ කටුක ජීවිතය ගැනත් ඇය ත්‍රස්තවාදීන්ගෙන් බේරී යුරෝපයට පලා ගිය අයුරු ගැනත් විස්තර ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට් නමැති කෘතියට අඩංගු වෙයි. ‘මගේ කතාව ලෝකයා දැනගත යුතු කතාවක්’ යැයි ඇය කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS