සංක්‍රමණිකයන්ට පිටවීමට නියෝග



ඊශ්‍රායලයේ සිටින දහස් ගණනක අප්‍රිකාණු සංක්‍රමණිකයින් හට එරටින් පිට වන ලෙස ඊශ්‍රායල රජය දැනුම් දී තිබේ.

රටින් පිට නොවන්නේ නම් සිරගත කිරීමට සිදුවන බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත. ඉදිරි දින 90ක කාලය තුළ රටින් පිටවන සංක්‍රමණිකයින් වෙනුවෙන් ඩොලර් 3500ක මුදලක් ගෙවීමට ද ඊශ්‍රායලය කටයුතු කරන බව එම නිවේදනයේ දක්වා ඇත.

කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මාසයෙන් පසුව ඊශ්‍රායලයෙන් පිට නොවන සංක්‍රමණිකයින් සිර ගත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල රජය දැනුම් දී තිබේ.

( තිළිණි ද සිල්වා)

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS