“සී ශාප්” මහා සංගීත සදැල්ල



සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ “එතෙර අපි”සංවිධානය මගින් සංවිදානය කරන ලද “C SHARP” මහා සංගීත සන්ධ්‍යාව පසුගිය සිකුරාදා දමාම් අල් සාෆි උත්සව ශාලාවේදී පැවැත්වුයේ අති මහත් ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙනි.
එදින සන්ධ්‍යා බාගයේ  සිට මධ්‍යම රාත්‍රී වන තෙක් පැවති මෙම සංගීත ප්‍රසංගය වෙනුවෙන් විශේෂ ආරාධිත ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා සමගතානාපති කාර්යාලයේ  නිලරීධාන් කිහිප දෙනෙක්ම සහභාගී වූ අතර චිරාගත පොල්තෙල් පහන දැල්වීම තානාපති තුමා අතින් සිදුවිය.
 
සෞදි අරාබියේ ජනප්‍රිය ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන “C SHARP”සංගීත කණ්ඩායමේ මධුර  මනමෝහනිය සංගීතය සමග සෞදි අරාබියේ දක්ෂතම ශ්‍රී ලාංකික  ගායක ගායිකාවන් විශාල පිරිසක්ද ගීත ගායනා කල අතර බහරේනයේජනප්‍රිය ගායක අහමද් මුසයිමා මහතා විසින්  ශ්‍රී ලාංකික ගීත කිහිපයක්ම ගායනා කිරීමද විශේෂිත විය.
 
මෙම සංගීත සදැල්ල සාර්ථක කිරීමෙහිලා ඩ්‍රම්ස් වාදනයෙන් ප්‍රසන්න ගුරුගේද  ඔක්ත පැඩ් වාදනයෙන් කමල් වජිරප්‍රිය,බේස් ගිටාරයෙන් සනත් බුවනෙක,රිදම් ගිටාරයෙන් ක්ලීටස් පෙරේරා සමගින් දෙනුර ප්‍රනාන්දු කීබෝර්ඩ් වාදනයෙන් සහාය දක්වන ලදී.විශේෂයෙන්ම දමාම් “එතෙර අපි” සංවිධානයේ සභාපති ලසන්ත වර්ණකුල සූරිය මහතාගේ අනගිභවනිය දායකත්වය මෙම ප්‍රසංගය සාර්ථක කර ගැනීමට මහත් පිටුවහලක් වූ බව සංවිධායක මණ්ඩලය පැවසිය.
කෙසේ වුවද ප්‍රසංගය අවසානයේ සහභාගිවූ සියලුම කලා ශිල්පින් සහශිල්පිනියන්  හට සහතිකපත් ප්‍රධානය කිරීම ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා අතින් සිදුවිය.
ලලිත් ප්‍රේමලාල්
දමාම් සෞදි අරාබිය

RECOMMEND POSTS