‍සෞදි මරණ දෙකයි. රෝගීන් 900යි



සෞදි ආරාබියේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එරටින් කොවිඩ් - 19 හේතුවෙන් මරණ දෙකක් සිදුව ඇති බවයි. එමෙන්ම බදාදා දිනයේ රෝගීන් 133 දෙනකු අලුතෙන් වාර්තාවීමත් සමග රෝගීන් සංඛ්‍යාව 900 දක්වා ඉහළ ගොස් ඇත. 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක ‍වෛද්‍ය මෙ‍ෙහාමඩ් අබ්දුල් අලි මාධ්‍ය හමුවකදී කියා සිටියේ මියගොස් ඇත්තේ විදේශික වැඩිහිටි පුද්ගලයකු බවයි. ඔහු මක්කමේ පදිංචිකරුවකු බව ද අනාවරණය වී තිබේ. පළමු මරණය වාර්තා වූයේ අඟහරුවාදා දි‍නයේ දීය. එදින රෝගීන් 205ක් වාර්තා වී තිබිණි. 
සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොවිඩ් - 19 ආසාදිතයන් 29 දෙ‍නකු දැනට සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇති බවයි. 
වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සෞදි රාජ්‍යය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත. සෞදි රජු සල්මාන් බින් අබ්දුල් අසීස්ගේ නියෝගය මත මෙඩිනා, මක්කම සහ රියාද් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.


RECOMMEND POSTS