ෆාමසියට පැන්න හොරු තුන්දෙනා



සෞදි අරාබියේ කාජ් නගරයේ පිහිටා ඇති ඖෂධ අලෙවි සැලකට මුහුණු ආවරණය කර ගෙන පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් තුන් දෙනෙකු මුදල් කවුන්ටරය තුල තිබු මුදල් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මුහුණ ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් ඖෂධ අලෙවි සැලේ සිටින සේවකයින්ට තුවක්කු පෙන්වා බිය ගන්වා මුදල් සොරකම් කර පළා යන ආකාරය අලෙවි සැල තුල සවිකර තිබු ආරක්ෂිත කැමරා වල සටහන් වී ඇත.

අදාල වීඩියෝව නැරඹීම සඳහා:https://www.youtube.com/watch?v=k9wZVubcdqk

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS