හොර ඉංජිනේරුවන් අල්ලයි



කුවේටයේ ඉංජිනේරුවන් ලෙස සේවය කරමින් සිටි විදේශිකයන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාජ ඉංජිනේරු උපාධි ඉදිරිපත් කර රැකියාව ලබාගෙන ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය කරගැනීමට කුවේට් ආරක්ෂක අංශ සමත් වී ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක්, ඉංජිනේරුවන් තිදෙනාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුවේට් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය පියවර ගෙන ඇත.

ඉංජිනේරුවන් තිදෙනො ඉන්දියානු ජාතිකයන් බවත් ඉංජිනේරුවන් ලෙස සේවය කිරීමට ප්‍රමාණවත් දැණුමක් ඔවුන් සතුව නොමැති බවට අනාවරණය කර ගත් බව කුවේට් ඉංජිනේරු සංගමයේ ප්‍රධානී, ෆයිසාල් අල්-අටල් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS