හෙදියන්ට වෛරසය වැලදිලා



සෞදි අරාබියේ සේවය කරන හෙදියන් දෙදෙනෙකට කොරෝනා වෛරසය (MERS-CoV) ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පිලිපීන සහ ඉන්දියානු හෙදියන් දෙදෙනෙක්ට වෛරසය ආසාදනය වී ඇති බවත්, ඔවුන් දැනටඅසීර් හි අබා හි අල්-හයාත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

පිලිපීන හෙදියට වෛරසය ආසාදනය වී ඇත්තේ වෛරසය වැළඳුනු රෝගීන් රැකබලා ගැනීමේදී බව තහවුරු වී ඇත.

හෙදියන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS