හූනියම් බඩු තොගයක් අල්ලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට රැගෙන යෑමට උත්සහ කල හූනියම් බඩු තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝග්‍රෑම් 47.6ක බරකින් යුත් හූනියම් භාණ්ඩ තොගය ගමන් මළු තුල සඟවා ගෙන එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට රැගෙන යෑමට උත්සහ කිරීමේදි ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 

සත්ව හම්, හූනියම් සඳහා භාවිතා කරන මන්ත්‍ර අඩංගු පොත් සහ උපදෙස් පත්‍රිකා අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.

2017 වර්ෂයේ දි 16 වතාවක් හූනියම් භාණ්ඩ එමිරේට්යට රැගෙන යෑමට උත්සහ කළ බව එමිරේට්ස් රේගු දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

කිලෝග්‍රෑම් 10.3ක බරකින් යුත් හූනියම් භාණ්ඩ රැගෙන යෑමට අප්‍රිකානු ජාතිකයෙක් 2018 වර්ෂයේ දි උත්සහ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS