හින්දි භාෂාවට එමීරයේ ඉහළ තැනක්



අබුඩාබිහි අධිකරණ කටයුතු සඳහා භාවිත කරන තෙවන නිල භාෂාව ලෙස හින්දි භාෂාව ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

දැනට භාවිත කරන ඉංග්‍රීසි සහ අරාබි භාෂා දෙකට අමතරව මෙම භාෂාව ඇතුළත් කර ඇත.

යුක්තිය සඳහා වන ප්‍රවේශ දියුණු කිරීමේ අරමුණින් අබුඩාබිහි අධිකරණය විසින් මෙම පියවර ගෙන ඇත.

අරාබි සහ ඉංග්‍රීසි භාෂාවලට අමතරව හින්දු භාෂාව ඇතුළත් කිරීම කම්කරු නඩු විසදීමේදී වඩා වැදගත් බව අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දියානු ප්‍රජාව මිලියන 2.6 කි.  

මුළු ජනගහනයෙන් සියයට 30 ක් වන අතර එරටේ සිටින විශාලම විදේශීය ප්‍රජාව වන්නේ ඉන්දියානුවන්ය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS