හිටපු ඇමති අභාවප්‍රාප්ත වෙයි



හිටපු සෞදි කර්මාන්ත හා විදුලිබල අමාත්‍ය, අබ්දුල්ලාසිස් අල්-සාමෙල් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා මිය යන විට එන්මා බැංකුවේ සභාපති සහ  සහරා පෙට්‍රෝ කෙමිකල්ස් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළේ ය.

1983 සිට 1995 දක්වා කර්මාන්ත හා විදුලි අමාත්‍යවරයා ලෙස සේවය කළ අතර සෞදි කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර 1968 සිට 1976 දක්වා සෞදි උපදේශන ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළේය.

1976 සිට 1983 දක්වා වසර හතක කාලයක් සබෙක් බැංකුවේ උප-සභාපති ලෙස සේවය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS