හැරවුම් ලක්ෂයක්



ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරුමුවට පත් කිරීම ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනේ ‘හැරවුම් ලක්ෂයක්’ යැයි තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් ඊයේ (27) පැවැසීය.

“දයිෂ් සංවිධානයේ නායකයා මරා දැමීම ත්‍රස්තවාදයට එරෙහිව අප ගෙන යන ඒකාබද්ධ සටනේ හැරවුම් ලක්ෂයක් සටහන් කරනවා” යැයි ට්විටර් පණිවුඩයක් තබමින් තුර්කි ජනාධිපතිවරයා කීවේය. අයි.එස්. සංවිධානය දයිෂ් යන නමින් ද හඳුන්වයි.

වයඹ දිග සිරියාවේ කරන ලද මෙහෙයුමකදී අයි.එස්. නායකයා මියගිය බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසු තුර්කි ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS